Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පුහුණුකරුවන්ටත්  5000 ක දීමනාවක්

පුහුණුකරුවන්ටත්  5000 ක දීමනාවක්

යොහාන් භාසුර - 2020 අප්‍රේ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘කොරෝනා’ වෛරසයේ අවදානම හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ උද්ගතවී ඇති තත්ත්වයෙන් මූල්‍ය දුෂ්කරතාවට පත්ව සිටින ක්‍රීඩා පුහුණුකරුවන්ට රුපියල් 5000 ක දීමනාවක් ලබාදෙන ලෙස සියලුම ජාතික ක්‍රීඩා සංගම්වලට ලිඛිතව දැනුම් දුන් බව ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් කේ. ඩී. එස්. රුවන්චන්ද්‍ර මහතා ‘ලංකාදීප’යට පැවසීය.

මෙම දීමනාව ස්ථිර මාසික ආදායමක් නොමැති, රාජ්‍ය හෝ වෙනත් ආකාරයක කිසිඳු මූල්‍යමය හෝ ද්‍රව්‍යමය ආධාරයක් නොබලන ක්‍රීඩා පුහුණුකරුවන් සඳහා ලබාදෙන ලෙස ක්‍රීඩා අමාත්‍යංශයේ ලියාපදිංචි සියලුම ක්‍රීඩා සංගම් සහ සම්මේලනවල ප්‍රධානීන්ට දැනුම් දුන් බව ලේකම්වරයා පැවසීය.

“පුහුණුකරුවන් පිළිබඳව අපි දන්නේ නෑ. ක්‍රීඩා සංගම් තමයි දන්නේ අදාල ක්‍රීඩාවේ පුහුණුකරුවන් කවුද කියලා. අදාල ක්‍රීඩාවට අදාල පුහුණුකරුවන් පිළිබඳව කටයුතු කරන්න ඒ ඒ සංගම්වලට පැවරුවා”

“අපි ක්‍රීඩා සංගම්වලට දැනුම් දුන්නේ සංගම්වල මුදල්වලින් දැනට පුහුණුකරුවන්ට මුදල් ලබාදෙන්න කියලයි. මූල්‍ය දුෂ්කරතාවට පත්ව සිටින පුහුණුකරුවන්ට තමන්ට අදාල ක්‍රීඩා සංගමයේ ප්‍රධානීන් දැනුවත් කිරීමෙන් දීමනාව ලබාගත හැකියි” යැයි ලේකම්වරයා වැඩි දුරටත් පැවසීය.

‘කොරෝනා’ වෛරසයේ අවදානම හේතුවෙන් ඇඳිරි නීතිය පැනවීමෙන් ශ්‍රී ලංකාව තුළ ජනප්‍රිය ක්‍රීඩාවලට වඩා ජනප්‍රිය නොවන ක්‍රීඩා රැසක විශේෂයෙන් වයස්ගත පුහුණුකරුවන් රැසක් දුෂ්කරතාවට පත්ව සිටින බව දැනගන්නට තිබේ.


අදහස් (0)

පුහුණුකරුවන්ටත්  5000 ක දීමනාවක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.